හෘදයාබාධයක් යනු කුමක්ද?



හෘදයට රුධිරය සපයන ධමනි නාල හැඳින්වනුයේ කිරීටක ධමනි යන නමිනි. සමහර අවස්ථාවන්හීදී මෙම ධමනි නාල තුළ මේදය (තෙල්) තැන්පත් වී එම ධමනි වල ඇතුළත විෂකම්භය පටු වෙයි. මෙම තෙල් තැන්පතු ඇති වීම ඇතරොස්කෙලරෝසියාව ලෙස හැඳින්වෙයි.

කල් යත්ම මේ තෙල් තැන්පතු හෙවත් ඇතරොස්කෙලරෝසියාවට ලක් වූ පෘෂ්ඨ ප්‍රදේශයෙහි රුධිරය කැටි ගැසීමට අවස්ථාව සැලැසෙයි. ත්‍රොම්බෝසියාව ලෙස හැඳින්වෙන්නේ මේ ලේ කැටි ඇති වීමේ තත්ත්වයයි.

කිරීටක ධමනියක් තුළ ලේ කැටියක් ඇති වූ විට හෘදය වස්තුවෙහි රුධිර සැපැයුම අඩාල වෙයි. එ නිසා උවදුරට පත් හෘදය ප්‍රදේශය මිය යයි. හෘදයාබාධයක් (මයෝකාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හැඳින්වෙන්නේ මේ තත්ත්වය යි.

තෙල් තැන්පතු මත රුධිරය මෙසේ කැටි ගැසෙන්නේ ඇයි?

රුධිර නාල තුළ ඇති වූ තෙල් තැන්පතු හදිසියේම පිපිරෙන බව සොයා ගෙන ඇත. පිපිරුණ තෙල් තැන්පතුවක් මත රුධිරය වහාම කැටි ගැසෙයි. ඒ සඳහා තත්පර කිහිපයකට වඩා ගත නොවන බව දත යුතුයි.

ක්ෂණයකින්ම හෘදයාබාධ ඇති වීමට හේතුව මෙම තත්ත්වය යි. (තෙල් තැන්පතුව නොපිපිරි තිබුණහොත් එය මත ලේ කැටි ගැසීමට ඇති අවදානම ඉතා අඩුය.)

බොහෝ විට පිපිරීමට ලක් වන තෙල් තැන්පතුව ඉතා සුළු එකෙකි. එය කෙතරම් කුඩා තැන්පතුවක්ද කිවහොත් රෝගියාට ඊට පෙර කිසිදු පපුවේ වේදනාවක් නොතිබෙන්නට ඇත. මේ නිසා ම හෘදයාබාධ වැළැඳෙන රෝගීන් ගෙන් 60% ක් ම ඊට පෙර පපුවේ වේදනාවක් නොතිබුණ අය වෙති.

මෙසේ තෙල් තැන්පතු පිපිරෙන්නේ ඇයි ද යන්න සොයා ගෙන ඇත. එහෙත් ඒවා එසේ පිපිරීම වැළැක්වීමට තවමත් අතුදුටු ප්‍රතිකාර විධි සම්මත වී නැත.

හෘදයාබාධයෙක ප්‍රධාන ලක්ෂණ කවරේද?

පපුවේ ඇති වන සෑම වේදනාවක් ම හෘදයෙන් උපදින වේදනා නොවේ. පපුව මතු පිට ඇති සමෙන්, මස් පිඬුවෙන්, ඉළ ඇට වලින්, ප්ලුර‍ාවෙන් හා පෙනහැල්ලෙන් ඇති වන වේදනාවන්ද පපුවේ වේදනා ලෙස අපට දැනනවා ඇත.

එහෙයින්,

හුස්ම ඉහළ පහළ යවන විට තීව්‍ර වන වේදනාව හෘදයේ වේදනාවක් නොවේ.
අල්පෙනිති තුඩෙකින් අනිනා වැනි වේදනාවක්, කඩියකු කන්නා වැනි වේදනාවක් හෘදයේ උපදින වේදනාවක් නොවේ.
පපුවේ වම් පැත්තේ ඇති වන වේදනාව හෘදයේ දෝෂයක් නිසා උපදින්නේ ඉතා කලාතු‍ෙරකිනි. (මෙය වැදගත් කරුණෙකි.)
ක්ෂණයකින් ඇති වී නැති වී යන ඕනෑම වේදනාවක් හෘදය රෝග ලක්ෂණයක් නොවේ.
(හෘදයේ වේදනාවක් අඩු ම ගණනේ මිනිත්තු කිහිපයක් පවති.)



හෘදයාබාධයෙක වේදනාව:

·         පපුවේ මැද ඇරැඹේ
·         එය පපුව තෙරපන්නා බඳුය. මහ බරක් තුබුවා වැනිය.
·         ඉතා දැඩිය.
·         වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.
·         පිටපැත්තේ උරපතු ඇට දෙක අතරට ද දිව යා හැකිය.
·         බඩේ දැවිල්ල ලෙස ප්‍රක‍‍ාශ විය හැකිය.
ඒ සමඟ ම අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැකිය.
එනම්,

අධිකව දහඩිය දැමීම.
වමනය හා ඔක්කාරය
පපුවේ ගැස්ම
හිස කරකැවිල්ල
හුස්ම ගැනීමේ අපහසු


හෘද‍ය‍ාබාධ ඇති කිරීමෙහි ල ඇතැම් අවදානම් සාධක වැදගත් බව වෛද්‍යවරුන් අතර පොදු පිළිගැනීමක් ඇත.

එම අනතුරු කාරක සාධක මෙසේය:

(අ) ප්‍රධාන සාධක:
දුම්පානය
රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම
ස්ථුලතාව
අධික රුධිර පීඩනය
දියවැඩියාව
කායික ව්‍යායාම මඳ වීම
මානසික අසහනය
ජන්ම ප්‍රවේණිය


(ආ) අප්‍රධාන සාධක:
මෘදු ජලය පානය කිරීම
උපත් පාලන පෙති භාවිතය
අධික කෝපි පානය
උපත් බර අඩු වීම

මෙම අනතුරු කාරක අවදානම් සාධක වලින් ඈත් වූ තරමට ඔබට හෘදයාබාධයක් වැළැදීමට පවත්නා අවදානම අඩු වේවි. එබැවින් මේ අනතුරුකාරක සාධක අවම කැර ගැනීමට පිළිපැදිය යුතු වත් පිළිවෙත් ගැන දැන සිටීම බෙහෙවින් වැදැගත් වෙයි.





හෘදයාබාධයක් ඇතිවීමට බහු සාධක බලපෑමක් අවශ්‍යය.

මෙහි අදහස නම් හෘදයාබාධයක් ඇති වීමට එක් තනි අවදානම් සාධකයක් පමණක් හේතු කාරක නෙවන බවය. කිසියම් පුද්ගලයකු කෙරෙහි අවදානම් සාධක වැඩි සංඛ්‍යවක් බලපානු‍ෙය් නම් හෘදයාබාධයක් වර්ධනය වීමේ අවදානම ද වැ‍ඩි වෙයි.

බහු සාධකත්වය පුදගලයාට බලපාන අයුරු

සුමනදාස අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකි. ඔහුගේ ව‍යස අවු 40කි. වයස අවුරුදු 40 ට වැඩි පිරිමියකු කෙරෙහි අධික රුධිර පීඩනය පවතී නම් ඒ හේතු කොට හෘදයාබාධයක් වැළැඳීමට ඔහුට ඇති අවදානම තුන් ගුණයකින් ඉහළ යන බව සංඛ්‍යා ලේඛන අනුසාරයෙන් අපි දනිමු.

ප්‍රේමදාස දුම් පානය කරන්නෙකි. ඔහුගේ වයස අවුරුදු 53 කි. කිසියම් පිරිමියකු දුම්වැටි උරන්නේ නම් ඒ හේතු කොට ගෙන හෘදයාබාධයක් වැළදීමට ඇති අවදානම් තුන් ගුණයකින් වැඩි වන බව සංඛ්‍යා ලේඛන වලින් හෙළි වෙයි.

කලණදාස අධික රුධිර පීඩනය ඇත්තෙකි. එමෙන් ම දුම්පානයේ ද යෙදෙන්නෙකි. අධික රුධිර පීඩනය නිසා කලණදාසට හෘදයාබාධයක් ඇති වීමට පවතනා අවදානම තුන් ගුණයකින් ඉහළය. එසේ ම දුම්පානය නිසාද එය තවත් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. දැන් ඔහුට පවත්නා සමස්ත අවදානම (3+3)=6 ගුණයක් නොව (3x3)=9 ගුණයෙකි.

අවදානම් කාරක සාධක අන්‍යොන්‍ය වශයෙන් තියුණු වන්නේ ගුණිත ක්‍රමයටය. (ඵෙක්‍යය ක්‍රමයට නොවේ.)

එනිසා යම් පුද්ගලයකු කෙරෙහි අනතුරුදායක සාධක කිහිපයක්ම බලපාන්නේ නම් ඒ තැනැත්තාගේ අවදානම බොහෝ වැඩිය. යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක එකක් පමණක් නම් ඔහුගේ අවදානම අඩුය.
යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක නැති නම් ඔහුගේ අවදානම ඊටත් අඩුය. එහෙත් එය ශුන්‍ය නොවේ. අනතුරුකාරක සාධක යම් පුද්ගලයකු කෙරෙහි බලපෑමට ඒ පුද්ගලය‍ාගේ ප්‍රවේණමය ගති ලක්ෂණ ද වැදගත් වෙයි.

Devamını oku...

පරිගණක අපරාධයක්‌

  • වර්තමානය වන විට මිනිසා තාක්‍ෂණික වශයෙන් ලබා ඇති දියුණුව අති මහත් ය. එම තාක්‌ෂණික ලෝකයේ පෙරැළිකාර මෙන්ම විප්ලවීය සොයා ගැනීමක්‌ ලෙස පරිගණකය හඳුන්වා දීම වරදක්‌ නො වේ. පරිගණකය අද වන විට සමස්‌ත මානව වර්ගයා ගේ ම ජීවිත සඳහා එල්ල කර ඇත්තේ දැවැන්ත බලපෑමකි. මේ සියල්ල මෙයාකාරයට සිදු වෙමින් පවතින අතරේ පරිගණක ආශ්‍රිත අපරාධවල ද වර්ධනයක්‌ පසුගිය කාල වකවානුව තුළ දී දක්‌නට ලැබිණි.. මේ සඳහා පිළියමක්‌ ලෙසට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්‌ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ "පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌" වශයෙනි.

    මූලික වශයෙන් මෙහි දී පරිගණක අපරාධයක්‌ යනු කුමක්‌ ද යන්න පිළිබඳව නීතිමය දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතු ය. මේ පිළිබඳව පනතේ 3 වැනි වගන්තියේ සිට 13 වැනි වගන්තිය දක්‌වා විස්‌තර කර තිබෙනු දක්‌නට ලැබේ. එනම් පනතේ 3 වැනි වගන්තියෙන් දක්‌වා ඇත්තේ කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට ප්‍රවේශය අත් කර ගැනීමේ අරමුණින්, ඒ ප්‍රවේශය අත් කර ගැනීමට ඔහුට නිත්‍යනුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී යම් ක්‍රියාවක්‌ කරනු ලබයි නම් එය වරදක්‌ බව දක්‌වා තිබේ.

    3 වැනි වගන්තිය යටතේ වූ මේ වරද සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු දෙකක්‌ ඔප්පු කළ යුතු ය. එනම් එම තැනැත්තාට අදාළ පරිගණකයට ප්‍රවේශ වීමට නීත්‍යනුකූල බලයක්‌ නො තිබූ බව සහ තමන්ට එවැනි බලයක්‌ නොමැති බවට අදාළ පුද්ගලයා දැනුවත් ව සිටි බව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබූ බව ය. මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු වුව හොත් රුපියල් ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොවැඩි සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය යුතු බව තුන්වැනි වගන්තියේ වැඩිදුරටත් සඳහන් වේ.

    පනතේ 4 වැනි වගන්තියේ දක්‌වා ඇති වරද පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කළ යුතු ය. එනම් කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට ප්‍රවේශය අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ ප්‍රවේශය අත්පත් කර ගැනීමට නීත්‍යනුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී සහ මේ පනත යටතේ වෙනත් වරදක්‌ හෝ තත්කාලයේ බල පවත්නා වෙනත් යම් නීතියක්‌ යටතේ යම් වරදක්‌ කිරීමේ අදහසක්‌ යම් ක්‍රියාවක්‌ සිදු කිරීම වරදක්‌ බව දක්‌වා තිබේ.

    මෙහි දී පනතේ 3 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තිය සංසන්දනාත්මකව බැලීම වැදගත් වේ. එනම් 3 වැනි වගන්තිය යටතේ දී යමකු පරිගණකය වෙත හෝ පරිගණක තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගන්නේ වෙනත් වරදක්‌ සිදුකිරීමේ අදහසින් බව ඔප්පු කිරීම අවශ්‍ය නො වේ. එනම් පනතේ 4 වැනි වගන්තියේ දක්‌වා ඇති වරද ඔප්පු කිරීමට ඉහත 3 වැනි වගන්තිය යටතේ වූ වරදක්‌ සඳහා ඔප්පු කළ කරුණු දෙකට අමතරව එකී ප්‍රවේශය ලබා ගත්තේ 2007 අංක 27 දරන පනතේ හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ වරදක්‌ සිදු කිරීමේ අරමුණ උදෙසා බව ඔප්පු කළ යුතු ය. පනතේ 4 වැනි වගන්තිය තුළ දැක්‌වෙන වරද සඳහා වරදකරුවකු වුවහොත් රුපියල් දෙ ලක්‍ෂයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු 05 දක්‌වා දීර්ඝ විය හැකි සිරදඬුවමකට හෝ යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

    අධිකාරී බලය නොමැති ව පරිගණකයකට කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීම වරදක්‌ බව පනතේ පස්‌වැනි වගන්තියේ දක්‌වා තිබේ. එම වගන්තියේ වැඩිදුරටත් දක්‌වා ඇත්තේ පරිගණකයකට යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීම සඳහා තමාට අධිකාරී බලයක්‌ නොමැති බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව හිතාමතා ම යම් පරිගණකයකට හෝ පරිගණක පද්ධතියකට අනවසර වෙනස්‌ කිරීමක්‌ හෝ අලාභයක්‌ හෝ අලාභයක්‌ සිදු විය හැකි යම් ක්‍රියාවක්‌ හෝ කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව ය.
    මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු කිරීම සඳහා පහත සඳහන් කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු ය. එනම් අදාළ විත්තිකරු පරිගණකයකට හෝ පරිගණක පද්ධතියක ඇති දත්ත හා තොරතුරු වෙනස්‌ කරන්නා වූ, අලාභයක්‌, අලාභයක්‌ සිදුවිය හැකි යම් ක්‍රියාවක්‌ කළ බව, එම ක්‍රියාව කිරීමට විත්තිකරුට නෛතික බලයක්‌ නො තිබූ බව හා ඒ බව විත්තිකරු දැන සිටි බව හෝ ඒ බව විශ්වාස කිරීමට හේතු තිබූ බව යන කරුණු ය. මේ වගන්තිය යටතේ වරදකට වරදකරු වූ විට රුපියල් තුන් ලක්‍ෂයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු පහ දක්‌වා දීර්ඝ විය හැකි බන්ධනාගාරගත වීමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය හැකි බව දක්‌වා තිබේ.
  • පරිගණක ආශ්‍රිත වැරැදිවල දී ජාතික ආරක්‍ෂාව ආදියට එරෙහි ව කරනු ලබන

    වැරැදි පිළිබඳව පනතේ 6 (1) වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යනුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.

    නීත්‍යනුකූල නො වන ආකාරයෙන් දත්ත ලබා ගැනීම පිළිබඳව විවිධ අවස්‌ථාවල දී අසන්නට ලැබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පනත මගින් නීත්‍යනුකූල නො වන ආකාරයෙන් ලබාගත් දත්ත ආදිය සමග කටයුතු කිරීම වරදක්‌ බව දක්‌වා තිබේ. මේ සම්බන්ධයෙන් පනතේ 7 වැනි වගන්තිය විශේෂයෙන් වැදගත් වේ. එනම් වෙනත් යම් තැනැත්තකු විසින් නීත්‍යනුකූල අවසරයකින් තොර ව පරිගණකයකින් හෝ පරිගණක ආචයන මාධ්‍යයකින් තොරතුරු ලබාගෙන ඇති බවට දැනුවත් ව හෝ එසේ විශ්වාස කිරීමට හේතු තිබිය දී එවැනි යම් තොරතුරු

    අ. මිලයට ගැනීම, ලබාගැනීම, රඳවාගැනීම, විකිණීම හෝ ඕනෑ ම ආකාරයකින් කටයුතු කරන

    ආ. මිලයට ගැනීමට හෝ විකිණීමට ඉදිරිපත් කරන හෝ ඕනෑ ම ආකාරයකින් ගනුදෙනු කරන

    ඇ. එක්‌ ආචයන උපක්‍රමයකින් වෙනත් එකකට මාරු කරන විශාල ආචයන උපක්‍රමයකට මාරු කරන, පිටපත් කරන හෝ භාවාර්ථයෙන් හෝ තේරුම් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ. මෙවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්‍ෂයකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ 3ට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු සහ අවුරුදු තුනක්‌ නො ඉක්‌මවන කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කළ හැකි බව දක්‌වා තිබේ.

    පරිගණක ආශ්‍රිතව සිදු වන තවත් වරදක්‌ ලෙස නීති විරෝධී ලෙස දත්ත අත්පත් කර ගැනීම දක්‌වා තිබේ. මේ පිළිබඳව පනතේ 8 වැනි වගන්තියේ පැහැදිලි කර තිබේ. එනම් එහි දක්‌වා ඇත්තේ

    අ. පරිගණකයක්‌ හෝ පරිගණකයක්‌ විසින් හෝ පරිගණකයක්‌ තුළ හෝ සිදු කරන හුවමාරු වන දත්ත හෝ සේවාදායක තොරතුරු හෝ

    ආ. පරිගණකයකින් යම් තොරතුරු ගෙන යන විද්යුත් චුම්බක විමෝචන,

    යම් තාක්‍ෂණික විධික්‍රම මගින් දැනුවත්ව හෝ නීත්‍යනුකූල අවසරයක්‌ නොමැති ව අත් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර එවන් විටක දී රුපියල් ලක්‍ෂයකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස 06කට නොඅඩු සහ අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට නැත හොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙහි දී අදාළ වරද ඔප්පු කිරීම සඳහා අත්පත් කරගත් බව, ඒ සඳහා තාක්‍ෂණික විධික්‍රම උපයෝගී කරගත් බව, ඒ පිළිබඳව දැන්වත්ව කළ බව හා නීත්‍යනුකූල අවසරයක්‌ නොමැති ව කටයුතු කළ බව ඔප්පු කළ යුතු ය.

    මේ පනත යටතේ වරදක්‌ කිරීම සඳහා නීති විරෝධී උපක්‍රම සැපයීම වරදක්‌ බව පනතේ 9 වැනි වගන්තියේ සඳහන් වේ. එනම් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීම සඳහා භාවිත කරවීමේ අදහසින් පරිගණක හෝ පරිගණක වැඩසටහනක්‌ ඇතුළු යම් පරිගණක උපක්‍රමයක්‌, පරිගණකයට හෝ එහි යම් කොටසකට ප්‍රවේශ වීමේ හැකියාව ඇති පරිගණක මුරපදයක්‌ (Password) ප්‍රවේශ කේතයක්‌ (Access Code) හෝ ඒ හා සමාන දත්ත නීත්‍යනුකූල අවසරයක්‌ නොමැති ව භාවිතය සඳහා ඉදිරිපත් කරන, විකුණන, නිෂ්පාදනය කරන, ආනයනය කරන, අපනයනය කරන, බෙදාහරින හෝ අන්‍යාකාරයකින් සපයා දෙන යම් තැනැත්තෙක්‌ වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ. එවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්‍ෂයකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු හා අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු බව සඳහන් වේ.

    සේවාවකට ප්‍රවේශ වීමට නීත්‍යනුකූල බලයක්‌ නොමැති ව තොරතුරු අනාවරණය වරදක්‌ බව පනතේ දහ වැනි වගන්තියේ සඳහන් වේ. එනම් පරිගණකයක්‌ මාර්ගයෙන් සපයනු ලබන යම් සේවාවකට ප්‍රවේශ වීමට හැකි කරවමින් තමාට පවරා දෙනු ලැබූ තොරතුරු යම් ප්‍රකාශිත අධිකාරී බලයක්‌ නොමැති ව හෝ යම් ප්‍රකාශිත ව්‍යංජිත ගිවිසුමක්‌ කඩ කරමින් හෝ අනාවරණය කරන්නා වූ යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ. එවැනි වරදකට වරදකරු වීමේ දී රුපියල් ලක්‍ෂයකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් එම දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 11 වැනි වගන්තිය මගින් වැරැදි සිදු කිරීමට තැත් කිරීම ද වරදක්‌ බව දක්‌වා තිබේ. එනම් පනතේ 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, වැනි සහ 14 වැනි වගන්තිවල සඳහන් වැරැදිවලින් කිසිවක්‌ සිදු කිරීමට තැත් කරන හෝ එවැනි වරදක්‌ සිදු කරනු ලැබීමට සලස්‌වන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ. එසේ වරදකරු කිරීමේ දී එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම දඩයෙන් හරි අඩකට නොවැඩි දඩයකට හෝ එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම කාලයෙන් හරි අඩකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ ඉහත දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ. මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට අනුබල දෙන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව එහි 12 වැනි වගන්තියේ දක්‌වා තිබේ.

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 13 වැනි වගන්තියට අනුව මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට කුමන්ත්‍රණය කරන යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට ඒ වරද සිදු කිරීමට අනුබල දීම සඳහා නියමිත දඬුවමින් දඬුවම් කරනු ලැබීමට යටත් විය යුතු බව සඳහන් වේ.

    මේ ලිපියෙන් මෙතෙක්‌ විමසා බලනු ලැබුවේ පරිගණක ආශ්‍රිත අපරාධ පිළිබඳව ය. මීළඟට විමසා බැලිය යුත්තේ වරදක ප්‍රතිඵලයක්‌ ලෙස සිදු වන පාඩුවක්‌ හෝ අලාභයක්‌ වෙනුවෙන් පනතේ ප්‍රතිපාදනයන් බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය. මේ පිළිබඳ විධිවිධානයන් පනතේ 14 වැනි වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ විට සහ ඒ වරද සිදුකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස

    අ. යම් තැනැත්තකුට හෝ ආයතනයකට පාඩුවක්‌ හෝ අලාබයක්‌ සිදු වන හෝ

    ආ. වරදකරුට හෝ වෙනත් යම් තැනැත්තකුට මුදල් ලාභයක්‌ උපචිත වන අවස්‌ථාවක දී අධිකරණය විසින් වරදකරු වෙත පනවනු ලබන යම් දඬුවමකට අමතරව වරදකරුට අවස්‌ථාචෝචිත පරිදි

    i. ඒ පාඩු හෝ අලාභ සිදු වූ තැනැත්තාට හෝ ආයතනයට වන්දියක්‌ හෝ

    ii. එසේ උපචිත වූ මුදල් ලාභයේ වටිනාකමට සමාන මුදලක්‌ රජයට ගෙවීමට නියෝගයක්‌ කරනු ලැබිය යුතු ය.

    මේ අනුව පෙනී යන්නේ ලංකාවේ පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධ නීතිය වඩාත් ශක්‌තිමත් තලයක පවතින බවයි.

    නීතීඥ නිශාන්ත සමන් කුමාර විසින් ලියන ලද ලපියකි.
Devamını oku...

හූදකලා පිරිමි



හූදකලා පිරිමි
බොහෝ බූද්ධිමත් නිබඳවම යමක් පිළිබඳව සිතමින් කල් ගෙවන හූදකලාවට ප්‍රිය කරන තරුණයන් කොටසක්ද වේ. වැඩිපූර කාලය ගෙවීමට ප්‍රිය කරන්නේ සියල්ලන්ගෙන් ඈත්වය. මෙම පිරිමින් තමාට වඩාත් ගැළපෙන යූවතියක සමග ආදරය බෙදා ගැනීමට කැමැත්තක් දෑක්වූවද තමාගේ ගැටළු විසඳා ගැනීමට ප්‍රිය කරන්නේ ඇගේ සම්බන්ධ වීමකින් තොරවය. අදහස් හා ආකල්ප ගැටෙනූ දෑකීමට ඔහූ ප්‍රියය. සැම දෙයකදීම තර්ක කරයි. බොහෝ හැඟීම්බරය.

ඔබ

ඔබ ඔහූගේ බූද්ධියට සම වීම පමණක්ම නොව ඔහූට අභියෝග කිරීමටද සමත් නම් ඔහූව හිමිකර ගැනීමට ඔබට හැකි වේ. ඔබ ඔහූ සමග ගෙවන දිවිය කෙතරම් විවෘත හා සූන්දර එකක් වේදෑයි සැක සහිත වූවද ඔහූ ඔබට පණ සේ ආදරය කරනූ ඇත. නමූත් හූදකලාවේ සිටින බූද්ධිමත් පිරිමියෙකුගේ ආදරය දිනීමට ඔබ බූද්ධිමත් වීම අනවශ්‍යය. නමූත් ඔබ කදිම අදහස් තිබීම හා ඔහූගේ අදහස් බෙදා ගැනීමේ හැකියාව තිබීම අවශ්‍ය වේ. ඔහූ සම්බන්ධයෙන් ඔබ සිතන හා ක්‍රියා කරන ආකාරයෙන් පලක් වේදෑයි ඔබටම සැක සිතේ.

මන්ද ඔහූගේ ගුප්ත හා ව්‍යාකූල බව ඔබට හඳුනා ගැනීම සැමවිටම පහසූ නොවේ. මෙවැනි පූද්ගලයෙකු සමග ජීවත් වෙද්දි ඔහූ සම්බන්ධයෙන් ඇති හිමිකම් හා අනාරක්ෂිතභාවය පිළිබඳව ගැටළු මතු වූවද ඔහූ ඔබට බොහෝ ආදරය කරනූ ඇත.


ප්‍රවේසමෙන්

ඉතා පැහැදිලිව අවංක හා විශ්වාසය ඇති වූවොත් මෙම පූද්ගලයන් සමග ඔබට ජීවත් වීමට හැකිය. එය පළුඳු වූවොත් ඔබව මඳක් ඈත් කිරීම හෝ ඔබව රිදවන දේ නිතර කීමටද ඔහූ ඉදිරිපත් වේ. ඔහූ කදිම දාර්ශනිකයෙකු වීමෙන් අනවශ්‍ය විලාසිතාවලට ඇල්මක් නොදක්වයි. එහෙයින් ඔහූ ඔබේ විලාසිතා සඳහා උපකාර නොකරයි. ඔහූ අගය කරන්නේ බාහිර පෙනූම නොව බූද්ධියය. ඔහූගේ අදහස් හා ප්‍රියතාවන්ට සමාන වීමෙන් ඔහූගේ ඇල්ම හිමි වේ. ඔහූ විශ්වාස කරන අන්දමට ඉතා යහපත් දිවියක් ගෙවීමට ප්‍රියකරන්නියට ආදරය කළ යූතුය. ඔහූට ආදරය සේම අවධානයද නොමදව අවශ්‍ය වේ. ඔහූ මූළු දවසම ගෙවන්නේ ගැඹූරු කල්පනාවකය. එහෙයින් ඔහූ විනෝදයට ප්‍රිය කරන්නෙකු නොවේ. ඔබේ මිතුරන් හා ඥාතීන් සමග පවා සබඳතාවක් නොදක්වයි.

එය ද ඔබට ගැටළුවක් වීමට ඉඩ තිබේ.


පසූගාමී පිරිමි
සැමවිටම සියලු දෙයකදිම පසූගාමී වීමට සිතන පිරිමි පිරිසක් ද වෙති. කලබලවීමක් හෝ කෝපවීමක්ද දක්නට නොලැබේ. ඔබ කියන කරන ඕනෑම දෙයක් අනූමත කරන ඔහූ තමාගේ අදහස්ද ඉදිරිපත් නොකරයි. ඔහූ එසේ කරන්නේ තමාගේ අදහස් හා සැලසූම් සහමූලින්ම ඔබ වෙනස් කළොත් පමණි. ඔහේ ජීවත් විම ඔහූගේ සිරිතය. ඕනෑම දෙයක් වැදගත් නොවන ලෙසින් හැසිරේ. ඔබ ඔහූට රසකැවිලි ලෙසින් ගෙන ආවේ ස්ට්‍රෝබෙරි හෝ චොක්ලටි වූවද එම දෙකෙහිම ඔහූට වෙනසක්ද නොවේ. ඇතැම් විට ඔහූ වඩාත්ම ප්‍රිය කරන්නේ අයිස් කී්‍රම්වලට වූවද ඒ බවද නොපැවසේ. අන්‍යයන්ගේ දෘෂ්ඨි කෝණයෙන් සිතෙන දේ අවබෝධ කර ගැනීමේ ඉවසීමක් ද වේ.

ඔබ

ඔබ බොහෝ කාර්යශූර සමාජයේදී ඉදිරිපත්ව සියලු දේ කර ගන්නට ඔබ පෙරමූණ ගෙන කටයූතු කරයි නම් මෙවැනි පූද්ගලයෙකුගේ බිරිඳ වීමට ඔබ සූදුසූය. සැබවින්ම ඔහූ ප්‍රිය කරන්නේ පිරිමියෙකු බඳු ගැහැනියකටය.

එහෙත් ඔහූව ආක්‍රමණය කිරීමට හෝ ඔහූට වඩා බලවත් බව ඇගයීමට ගියොත් ඔහූ ඔබට ආදරය නොකරයි. තවද සැමවිටම ඔහූට ප්‍රධානත්වය ලබා දී සියලු දේ කළ යූත්තේ ඔහූගෙන් විමසීමෙන් වූවද ඔහූ එයට අදහස් දෑක්වීමක්ද සිදු නොකෙරේ.

එහෙයින් ඇතැම් අවස්ථාවලදී ලැබිය හැකි දේ නොලැබ යෑමෙන් ඔබ කළකිරීමට පත්වීමටද ඉඩ තිබේ. ඔහූ සමග ජීවත් වෙද්දි ඉක්මණින් දියූණූවට පත්වීම හෝ අලංකාර නිවාස හෝ මෝටර් රථ ලැබීමට නොහැකි වේ.

මන්ද ඔහූ අවදානම් සහිත දේ නොකරයි. කොටින්ම ඔහූ බැංකු ණයක් පවා ලැබීමට බියය. ඔහූ ඉදිරියේ නම්‍යශීලී වීමට නොහැකි ගැහැනියකට ඔහූ සමග දිගු කලක් ජීවත් වීමට අසීරු වේ. සැමවිටම යම් දෙයක් වරදීවි යැයි බියේ ජීවත් වේ. බොහෝ සම්ප්‍රදායික පිරිමියෙකි.


සර්ව සම්පූර්ණ පිරිමි
තවත් පිරිමි විශේෂයක් සිටින අතර ඔහූට සියල්ල අංග සම්පූර්ණ වීමක්ද අවශ්‍ය වේ. එහෙයින් අපිළිවෙලට කටයූතු කරන්නියකට මෙම පිරිමින්ගේ ආදරය ලැබීමට නොහැකිය. සියලු දේ අංග සම්පූර්ණ විය යූතු වීමෙන් ඔබට විලාසිතා සඳහාද සීමාවන් පනවා ගැනීමට සිදු වේ.

ඔහූ සමග විවාහ වන්නියක් සැමවිටම සියලු දේ ඉතා නිවැරදි ක්‍රමයට අංග සම්පූර්ණව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔහූ ඇඳුම් නිවැරදිව සෝදා මැද තිබීම අවශ්‍ය වේ.

මූළු නිවසම පිළිවෙලකට තිබීම ඔහූගේ ප්‍රියතාවය වේ.


ඔබ

ඔහූ විසින් පනවන ලද නීති පද්ධතියට යටත්ව ඔහූට වූවමනා අන්දමින් ජීවත් වීමට ප්‍රිය නම් මෙම පූද්ගලයන් සමග විවාහ වීම සූදුසූය. ඉතාමත්ම සංවිධානාත්මක දිවියක් ඔබට තිබීම අවශ්‍ය වේ. එමෙන්ම ඔහූගේ සූළු අවශ්‍යතාවක් පවා ඔබ නිවැරදිව වෙලාවට ඉටූ නොකළොත් කෝපයට පත් වේ. එමෙන්ම ඔබ සැමවිටම සිටිය යූත්තේ ඔහූගේ අපේක්ෂා සංතෘප්ත කරවන ලෙසිනි. ලොකු හෝ කුඩා සියලු දේ සම්බන්ධයෙන් විමසිලිමත් නොවූණොත් ඔහූ ඔබ පිළිබඳව නොසතුටට පත් වේ. කිසිදු දෙයක් අමතක වීමටද ඔබට අවසර නොලැබේ.


ප්‍රවේසමෙන්

බොහෝ අංග සම්පූර්ණ කටයූතු නොකිරීමෙන් ඔහූ ඔබ කෙරෙහි කළකිරීමට ඉඩ තිබෙන අතර දහසක් නීති යටතේ ජීවත් වීම පිළිබඳව ඔබ ද කළකිරීමට පත් වීමට ඉඩ තිබේ. සැමවිටම ඔබට ඉවසීමට සිදු වේ. ඔහූගේ සැලසූම්වල අරුත වන්නේ යම් අවිනිශ්චිතභාවයක් කෙරෙහි ඔහූගේ සිතේ ඇති බියය. ඔහූ වඩාත් ප්‍රිය කරන්නේ අනාවැකි පැවසීමටය. එහෙයින් ඔබ කරන සියලු දේ වැරදීමට ඉඩ ඇතැයි අනාවැකි පැවසීමද ඔබට සිත කළකිරවන්නක් වීමට ඉඩ තිබේ. එම අවිනිශ්චිතභාවය පිළිබඳ බිය පාලනය කළ හැකි නම් ඔබට දිනීමට හැකි වේ.


කෝපයට පත් වන පිරිමි
අවසන් පිරිමින් විශේෂය වන්නේ කුකුල් කේන්ති කාරයන් වන අතර සැමවිටම ඇඳුම් බෑගයද රැගෙන නිවසින් පිටව යෑමට උත්සාහ කරන්නෙකි. ඔහූට සමාජ ජීවිතයක් හිමි නොවේ. ඔහූ කිසිවක් ඉදිරියට සැලසූම් නොකරන්නෙකි. ඔබ සමග මෙසේ සැම දෙයකටම දබර කර ගැනීමට සිතුවද ඔහූ පිටස්තරයන් සමග එසේ නොකිරීමද එක්තරා විශේෂයකි.

ඔහූගේ කෝපය සැමවිටම කෙටි කාලීනය. යළිත් විනෝදයෙන් හැසිරීමට ඔහූට හැකිය. ඔහූට සැම දෙයකදීම ප්‍රධානත්වය දීමක් අවශ්‍ය වේ. සැම දෙයකදීම නොඉවසිලිවන්තය.


ඔබ

ඔහූගේ මෙම කෝපයට පත් වීමේ ස්වභාවය වටහා ගෙන එය ඉවසීමට හැකි නම් ඔහූ සමග විවාහ වීම සූදුසූය. ඔහූව වටහා ගැනීමට නම් ඔබ ඔහූගේ චරිතයෙහි ඇතුලාන්තයට ගමන් කිරීම අවශ්‍ය වේ. ඔහූගේ හැඟීම් අවබෝධ කර ගැනීමට සිදු වේ. එවිට ඔහූගේ ආදරණීය ස්වරූපය ඔබට හඳුනාගත හැකිය. ඔහූ සැමවිටම ප්‍රිය කරන්නේ තමාගේ අභිමතයට හිස නමන ඔහූගේ අදහස්වලට ගරු කරන ගැහැනියකි. ඔහූ බොහෝ ආදරණීය පූද්ගලයෙකු වීමද විශේෂත්වයකි.


ප්‍රවේසමෙන්

මෙම පූද්ගලයන් විශ්වාස කරන අන්දමට ගැහැනියක ගෙවිය යූත්තේ අරුත්බර දිවියකි. ජීවිතය අනාවැකි පළ කිරීමට අසීරු නිතර වෙනස් වන සූළු බව ඔහූගේ මතයයි. එහෙයින් එක්තරා රිද්මයකට හා දෛනික වැඩසටහනකට ජීවිතය ගෙවීම ඔහූගේ සිරිතය. ජීවිතය ප්‍රබලව සැලසූම් කරන්නියකට ඔහූ සමග ජීවත් වීම පහසූ වේ. සියලු දේ දීර්ඝකාලීන සැලසූම්වීමද ඔහූට අවශ්‍ය වේ.

ඔබට ද ඉක්මණින්ම කෝපය ඇති වේ නම් මෙවැනි පූද්ගලයන් සමග දිවි ගෙවීම අසීරු වේ. එමෙන්ම සමාජය ඉදිරියේ බොහෝ සැහැල්ලුවෙන් ජීවත් වීමට සිතන්නියක ද ඔහූට නොගැළපේ.
 
උපුටාගැනීමකි
Devamını oku...

ත්‍රිපිටකය

ධර්ම චක්‍රය.jpg

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලවම මතු පරපුරට උරුම කරමු !

ත්‍රිපිටකය (තෙවලා දහම්)
    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         

බුදු දහම
ධර්ම චක්‍රය
බුදුරජාණන් වහන්සේ
අටවිසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ
මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්
බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)
ප්‍රකට බෞද්ධයින්
බුදු දහම, කලාපය අනුව
ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය
නිකාය
මහායානය
වජ්‍රයානය
 
ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් සඳහන් පුස්ථක වහන්සේ ත්‍රිපිටකයයි.
මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රි පිටකයකි. ඒවා නම්,
  • විනය පිටකය
  • සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
  • අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය
දැනට පවත්නා පරිදි ධර්මය විනය ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජකල වළගම්බා රජු ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේගේ විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

විනය පිටකය

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
  • සුත්ත විභංග
  • බන්ධක
  • පරිවාර

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.

දීඝ නිකාය

මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

මජ්ඣිම නිකාය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය

මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.

අංගුත්තර නිකාය

මෙය නිපාත 11 කට බෙදා ඇත.

ඛුද්දක නිකාය

මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
  1. ඛුද්දක පාඨය - මෙහි කොටස් 9කි.
  2. ධම්මපදය - මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.
  3. උදානය - මෙහි වර්ග 8ක් ඇත.
  4. ඉතිවුක්තකය
  5. සුත්ත නිපාතය - මෙයද බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.
  6. විමානවත්ථුය (විමාන වත්ථු) - බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.
  7. පේතවත්ථුය (පේථ වත්ථු) - අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.
  8. ථේරගාථාය (ථේර ගාථා) - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
  9. ථේරීගාථාය (ථේරී ගාථා)- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
  10. ජාතකය - මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
  11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
    1. මහනිද්දේසය
    2. චූළනිද්දේසය
  12. පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) - මෙහි ප්‍රධාන කොටස් 3කි.
  13. අපදානය - මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.
    1. ථේරපදානය
    2. ථේරීපදානය
  14. බුද්ධවංසය - ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.
  15. චරියා පිටකය - පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.

අභිධම්ම පිටකය

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.
  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරණය
  7. පට්ඨානප්පකරණය 
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් Devamını oku...

හොලිවුඩ් නළු නිළියන් විදින වදයක්


දෙනෝ දහසක් වසඟයට ගත හැකි කඩවසම් පෙනුමක් හා ලස්සන රුවක් ඇති ඕනෑම තරුණයකුට හෝ තරුණියකට සිනමා තාරකාවක් වීමට ලෙහෙසියෙන්ම පුළුවන. ලස්සන රූපය රංගන ශිල්පියකුවීම සඳහා අවශ්‍යවන සුදුසුකමක් බැවිනි. එහෙත් මේ ලස්සන රූපය - රසිකයන් මෝහනයට පත්කරනු ලබන නාරිදේහය කොයිතරම් කලක් ඒ අයුරින්ම රඳවා තබා ගත හැකි ද? වැඩිම වුණොත් දශක තුනක් එම රුව පවතියි. ඉන්පසු....?ඕනෑම කෙනකු තත්පරෙන් තප්පරයට වයසට යන බව හැබෑවකි. කෙනකු වයසට යෑම සක්කරයාටවත් නැවැත්විය නොහැකි ය. වයසට යන විට ඕනෑ ම කෙනකුගේ රුව වෙනස් වීම ස්වභාවිකය. නළු නිළියන්ට ද මෙම පොදු ධර්මතාව එසේ ම බලපායි. එහෙත් කවුරු වයසට ගියත්, වයසට යෑමට අකමැති එකම ජාතිය නළු නිළියෝය. වයසට යෑමට පමණක් නොව රූපය නැති කර ගැනීමට ද මොවුන් කැමැති නැත. කොපමණ වයසට ගියත් රුව රැක ගැනීම සඳහා මොවුන් නො කරන දෙයක් නැත. එයට හේතුව ඔවුන්ගේ පැවැත්ම හා ජනප‍්‍රියත්වය රඳා පවතින්නේ රූපය මත බැවිනි. රූපය නැති වූ දාට ඔවුනට සිනමාවෙන් සමුගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.මේ නිසා විශේෂයෙන් ම හොලිවුඩ් සිනමා නළු නිළියෝ කොපමණ වයසට ගියත් හැමදාමත් තාරුණ්‍යය රැක ගැනීමටත් තිරිහන් වීමටත් පුදුම වෙහෙසක් දරන බව පෙනේ. මෙන්න එයට නිදසුන් කීපයක්.ටීනා ටර්නර් හොලිවුඩ් හි සිටින හැටපැන්න ගැහැනියකි. දැනට හැට තුන්වන විය පසුකරමින් සිටින ටීනා තමන්ගේ රුව රැක ගැනීම සඳහා කිසි දිනක ව්‍යායාම වල නොයෙදෙයි. එහෙත් දිනපතා රාතී‍්‍රකාලයට පැය තුනක් වේදිකාව මත රඟුම් පායි. තමන්ගේ රුව රැක ගැනීම සඳහා වේදිකාව මත කරන රැගුම හොඳම ව්‍යායාමක් බව ටීනා කියයයි. ටීනා ඇගේ මුහුණ ගැන ද විශේෂ අවධානයක් යොමු කරයි. රංගන ශිල්පියකුගේ වටිනාම වස්තුව මුහුණ බව ඇය කියයි. වයසට ගියත් මුහුණේ සහ ඇගපතේ හැඩ රුව රැක ගැනීමට තමා වෙහෙසෙන බව ඇය සඳහන් කරයි.
අද හැත්තෑ දෙවෙනි වියේ පසුවන ඇන්ගි ඩිකින්සන් නමැති නිළිය පෙනුමෙන් තවමත් තරුණියක වැන්න. මෙම තරුණකම ලබා ගැනීම සඳහා ඇන්ගි පටක සැත්කම් (Plastic surgery)කීපයකටම මුහුණ දුන් බව කියයි. කෙනකු වයසට යන විට ශරීරයේ හම හැකිලී, රැළි වැටෙයි. මෙම රැළි වැටීම නවත්වා ගැනීමට ඇති හොඳම ප‍්‍රතිකර්මය පටක සැත්කම බව ඇය කියයි.ඩෙටී මුරේ ද අද පනස් විය ඉක්මවමින් සිටින හොලිවුඩ් නිළියකි. අඩ සිය වසක් ගෙවා සිටින ඩෙටී තරුණකම රැක ගැනීම සඳහා නොයක් විධියේ ආලේප වර්ග ගල්වයි. සිරුර තිරිහන්ව තබා ගැනීම සඳහා ටැබ්ලට් වර්ග ගනී. “නිළියක හැටියට මගේ වටිනාම වස්තුව මගේ මුහුණ හා ශරීරයයි..... දිරාපත්වන්න නොදී එය රැක ගැනීම මගේ යුතුකමක්” ඩෙටී කියයි.හතළිස් පස්වෙනි විය පසු කරමින් සිටින පොප් ගායිකා - නිළි මැඩෝනා ඇගේ රුව රැක ගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙන කලාකාරියකි. සම පැහැපත්ව තබා ගැනීම සඳහා ඇය නොයෙක් වර්ගයේ ආලේප ගල්වයි. හැමදාමත් තිරිහන් වී සිටීමට අවශ්‍ය බව ඇය කියයි. එහෙත් ඒ සඳහා පටක සැත්කම් කිරීමට කැමැති නැති බව ද මැඩෝනා කියා සිටියි.ගොල්ඩ් හැවන් නමැති හොලිවුඩ් නිළිය මේ ගෙවා දමමින් සිටින්නේ පනස් හත්වෙනි අවුරුද්දය. පනස් පස්වන විය පසු කරන විට ඇගේ මුහුණේ රැළි වැටීමට පටන් ගත්තේ ය. ඒ සමඟම ඇගේ තරුණ කම ගිලිහී ගියේ ය. ගෝල්ඩ් ඇගේ රැළි වැටෙමින් තිබෙන මුහුණ පටක සැත්කමට භාජනය කළා ය. මෙම සැත්කමෙන් පසු ගෝල්ඩි යළිත් තරුණියක වී සිටියි.පටක සැත්කම් වලින් රුව රැක ගැනීමට බැරි බව පවසන්නේ සුසාන් සරන්ඩොන් ය. අද පනස් හයවන වියේ පසුවන මෙම හොලිවුඩ් නිළිය ව්‍යායාම්වල නිරත වීමෙන් හා සම පැහැපත්ව තබා ගැනීම සඳහා ආලේප ගැල්වීමෙන් තරුණකම රැක ගෙන සිටියි. තෙල් කෑම නොගැනීමටත්, චොකලට්, කේක් වැනි පැණි රස කෑම වර්ග නොගැනීමටත් ඇය වග බලා ගනියි. තරුණකම රැක ගැනීමට නම් කට (කෑමෙන් - බීමෙන්) පරිස්සම් කර ගත යුතුව ඇතැයි ද ඇය පවසයි.ජේන් පොන්ඩා හැටේ දශකයේ හොලිවුඩ් සිනමාවේ රජ කළ නිළියකි. රංගන ශිල්පිනියක ගේ පැවැත්මට රූපය හා තරුණකම අවශ්‍යම දෙයක් බව ඇය කියයි. මේ දෙකම ගිලිහී ගියදාට නිළිකම නැතිවෙන බව කියන ජේන් පොන්ඩා රූපය හා තරුණකම ආරක්ෂා කර ගැනීම හැම රංගන ශිල්පිනියක්ගේම වගකීම බව ද කියයි. පටක සැත්කම්වලට භාජන නොවී රූපය රකින බෙහෙත් හා ව්‍යායාම් ගැනීමෙන් තරුණකම හා රුව රැක ගැනීමට පුළුවන් වන්නේ යැයි ජේන් පොන්ඩා කියා සිටියි.
එලි මැක්පර්සන් නමැති නිළිය ද පටක සැත්කමකට මුහුණ දුන් රංගන ශිල්පිනියකි. හැට පිරෙන විට හැම කෙනෙකු ගේම බෙල්ලේ සහ මුහුණේ රුළි වැටෙයි. ව්‍යායාම කිරීමෙන් හෝ ආලේප ගැල්වීමෙන් හෝ රැළිවැටීම  නතර කළ නො හැකි බව ඇගේ මතයයි. පටක සැත්කමකට භාජනය වීමෙන් මෙම රැලි නැතිකර ගත හැකි බව එලී සඳහන් කරයි.වයසට යන විට ඕනෑම කෙනෙකුගේ හැඩරුව වෙනස් වීම ස්වභාවික ය. අත පය, බෙල්ල, සහ මුහුණ යන තැන්වල රැළි මතුවීමට පටන් ගනී. නළල හා ඇස් යට ඉරි මතුවෙයි. මුහුණේ පැවති තරුණ කම හා හැඩය වෙනස් වී යයි. සමහර විට කම්මුල් මහත්වී මුහුණේ තිබූ පියකරු බව නසා දමයි. මෙවන් අවස්ථා වල දී ආලේප ගැල්වීමෙන් හෝ ව්‍යායාම්වල යෙදී මෙන් හෝ නැති වී ගිය තරුණ කමවත්, රූපයවත් යළි ලබා ගැනීමට නොහැකි බව වෛද්‍යවරු මත පළකරති. මුහුණේ වෙනස් වීම සහ රැළි වැටීම නැති කර යළි තරුණකම ලබා ගැනීමට කළ යුතු එකම පිළියම පටක සැත්කමකට මුහුණ දීමය. එවැන්නක් නොකර මුහුණේ ඇතිවන වෙනස් කම වෙනස් කළ නොහැකි යැයි ද දොස්තරවරු කියා සිටිති.බාබරා හර්සේ, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ලිසා කුඩ්රෝව්, හොලී හන්ටර්, ඩෲ බෙරිටොර්, නටාලි පොම්මන්, ටොම් කෲස්, ටෙරි ටයිලප් මුරේ, කාල් බුර්නට් සහ චීර් යන හොලිවුඩ් නළු නිළියන් අද තරුණ කමත් රූමත් බවත් රැකගෙන සිටින්නේ පටක සැත්කම්වලට පිංසිදු වන්නට ය. ඔවුන්ගේ තිරිහන්වීමේ රහස ද එයයි.
Devamını oku...

චන්ද්‍රයාගේ උපත



චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින් දක්නට ලැබෙනවා. සඳෙහි කලා ඇතිවීම යනුවෙන් මෙය අප හඳුන්වනු ලබනවා. සෑම විටම චන්ද්‍රයාගේ එක් අර්ධයකට පමණක් සූර්යාලෝකය ලැබෙන අතර මෙය හරියටම පෘථිවියේ එක් අර්ධයකට දිවාකාලය ලැබෙන විට අනෙක් අර්ධයට රාති‍්‍රය ලැබෙන ආකාරයට සමානයි. චන්ද්‍රයාගේ කලා ඇතිවීම එහි අර්ධයකට ඕනෑම අවස්ථාවක ලැබෙන සූර්යාලෝකය කොපමණ ද යන්න මත රඳා පවතිනවා. නව සඳ යනුවෙන් හැඳින්වෙන කලාවේදී එහි පෘථිවියට ආසන්න අර්ධය සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබෙනවා. සතියකට පසු සඳ දෙස බලන විට එහි දකුණු පස දීප්තියෙන් ආලෝකමත් වී තිබෙන අයුරු දැකගත හැකිය. එය පුර පක්ෂය වශයෙන් හඳුන්වනු ලබනවා. තවත් සතියකට පසු සම්පූර්ණ චන්ද්‍රයාම දීප්තියෙන් බබලන අයුරු දැකගත හැකියි. එය පුර පසළොස්වක යනුවෙන් හඳුන්වනවා. තවත් සතියකින් පසු එහි වම් පස ආලෝකමත් වී තිබෙන අයුරු දැක ගත හැකි අතර එය අව පක්ෂය යනුවෙන් හඳුන්වනු ලබනවා. නැවත සතියකින් එය සම්පූර්ණ අඳුරු ස්වභාවයට පත්වෙයි. මෙම සම්පූර්ණ කි‍්‍රයාවලිය සිදුවීමට ගතවන කාලය චන්ද්‍ර මාසයක් යනුවෙන් හඳුන්වනවා.
සූර්ය ග‍්‍රහණ සහ චන්ද්‍රග‍්‍රහණ ඇතිවීමපෘථිවියේ සහ චන්ද්‍රයාගේ භ‍්‍රමණයන් හේතුවෙන් සමහර අවස්ථා වල සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙනවා. එවැනි අවස්ථාවලදී චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවියේ යම් කොටසකට පතිත වෙනවා. තවත් ආකාරයකින් කියතොත් මේ හේතුවෙන් පෘථිවියෙ වෙසෙන අපට සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නොපෙනී යනවා. සූර්යයා සම්පූර්ණයෙන් නොපෙනී ගියවිට එය පූර්ණ සූර්ය ග‍්‍රහණයක් වශයෙන්ද, සූර්යයා අර්ධ වශයෙන් නොපෙනී ගිය විට එය අර්ධ සූර්යග‍්‍රහණයක් වශයෙන් ද හඳුන්වනු ලබනවා. පූර්ණ සූර්යග‍්‍රහණයක් ඇති වූ විට පොළොව රාති‍්‍රය මෙන් අඳුරු වෙනවා. ඉහත ආකාරයටම සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණ ඒවා එකම රේඛාවක පිහිටන අවස්ථාවකදී සූර්ය කිරණ පෘථිවියට වැටීමෙන් ඇති වන පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී එය නොපෙනී යනවා. මෙම කි‍්‍රයාවලිය චන්ද්‍රග‍්‍රහණයක් ලෙස හඳුන්වනවා. “හඳ රාහු ගිලිනවා” යනුවෙන් හඳුන්වන්නේ මෙම කි‍්‍රයාවලියයි.
වඩදිය බාදිය (උදම් රළ) ඇතිවීමපෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශක්තිය මෙන් 1/6 ගුණයක් ප‍්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් චන්ද්‍රයා සතුව පවතිනවා. නමුත් පෘථිවියේ ඇති සාගර ජලයේ උදම් ඇතිවීමට තරම් මෙම ගුරුත්වාකර්ෂණ බලය ප‍්‍රබලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ එක් පැත්තක් සඳට මුහුණලා සිටින විට සඳේ ගුරුත්වය නිසා සාගර ජලය ඉහළට එසවෙනවා. පෘථිවියේ මඳ චලනයත් සමඟ චන්ද්‍රයාගේ ගුරුත්ව බලපෑම ඇති වූ විට පොළොවේ ඈතින් පිහිටි පැත්තේ ජල ස්කන්ධයට එහි බලපෑම එල්ල වීමෙන් වඩදිය ඇතිවෙනවා. ඒ අතර අනෙක් පැත්තේ මුහුදු මට්ටම පහළ බැසීම සිදුවෙනවා. එවිට එය බාදිය යනුවෙන් හැඳින්වෙනවා. පෘථිවිය භ‍්‍රමණය වන විට ලෝකය වටාම සාගර වල මේ ආකාරය වඩදිය - බාදිය ඇතිවීම සිදුවෙනවා.
චන්ද්‍රයාගේ උපතචන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ වලින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව එහි වයස වසර බිලියන 4.6 ක් පමණ වනුුඇතැයි අනුමාන කෙරෙනවා. අපගේ පෘථිවිය ඇතුළු සෞර ග‍්‍රහ මණ්ඩලයත් මේ තරම්ම වයස වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. අභ්‍යවකාශ ගවේෂණයේ නූතන යුගය එළඹෙන්නට පෙර, විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ උපත පිළිබඳව ප‍්‍රධාන සිද්ධාන්ත තුනක් ඉදිරිපත් කර තිබුණා. පෘථිවියේ ළදරු අවස්ථාවේදී එය ද්‍රව තත්වයේ පවතින විට, එහි භ‍්‍රමණය නිසා ඉවතට විසිවී ගිය ද්‍රව්‍ය වලින් චන්ද්‍රයා සෑදෙන්නට ඇතැයි යන්න එක් මතයක්. මේ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සූර්ය නිහාරිකාවකින් එක් වරම පෘථිවිය හා චන්ද්‍රයා බිහිවන්නට ඇති බවයි. එසේ බිහිවූ චන්ද්‍රයා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් අල්ලා ගන්නට ඇති බව විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා. නමුත් 1975 දී පමණ ඉදිරිපත් වූ තවත් සිද්ධාන්තයකින් කියවුණේ පෘථිවිය, තවත් එවැනිම විශාල වස්තුවක් සමඟ ගැටීමෙන් ඉවතට විසි වී කැබලි මගින් චන්ද්‍රයා උපත ලබන්නට ඇති බවයි. පෘථිවිය හා ගැටුණු මෙම වස්තුව බුද ග‍්‍රහයා තරම් විශාල වන්නට ඇතැයි මුලින් උපකල්පනය කර තිබුණත් 1997 දී ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පරිගණක ආශ‍්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව එම ග‍්‍රහ වස්තුවේ විශාලත්වය බුද ග‍්‍රහයා මෙන් අඩුම වශයෙන් 2.5 ගුණයක් හෝ 3 ගුණයක් විශාල වන්නට ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය ඝට්ටන වාදය ලෙස හඳුන්වන අතර චන්ද්‍රයාගේ උපත සම්බන්ධයෙන් වර්තමානයේ වඩාත්ම පිළිගත් මතය වන්නේ ද මෙයයි. එහෙත් විද්‍යාඥයින් තවදුරටත් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේ නිරතව සිටිනවා. පෘථිවියේ මෙන් චන්ද්‍රයා මත චුම්භක ක්‍ෂේත‍්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි ඇත්තේ ඉතාමත් දුර්වල චුම්භක ක්‍ෂේත‍්‍රයක්. ඒවාත් සමහර ස්ථානවල පමණක් පිහිටා තිබෙනවා. එමෙන්ම චන්ද්‍රයාට වායුගෝලයක්්ද පිහිටා නැහැ. මේ නිසා සූර්ය කුණාටු වලට, ග‍්‍රාහක ඝට්ටනයන් වලට චන්ද්‍රයාගේ මතුපිට එක එල්ලේම විවෘතව පවතිනවා. මේ හේතුව නිසා චන්ද්‍රයා මතුපිට අධික ආවාට ප‍්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.
Devamını oku...

"ෆෙන්ෂුයි” (Fengshui)


 ( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)
මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති…වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක…(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්‍යයන් ගැන කරුණාවෙන් විග්‍රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව “ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ” කීම නොවේ)
….අන්තරාය….
නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්‍රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති…ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්‍රව්‍යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්‍රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..
ඉතාම භයානක වන්නේ මෙකී “බුදායි” නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්‍ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා “විශ්ව සියපත” ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී…
සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි…අවධාරණය කොට කියමි..
“මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ…අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් ” මේ බුදුන්” යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව “බූදායි” නොහොත් ධාන්‍යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි…නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත…මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ”
( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )
….මෙන්න අපේ බුදු හාමුදුරුවෝ….
සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” වලින් සමන් විත වන සේක…එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය…(දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි)
1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම
අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න…සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න…අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි…අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන “බුදු රදුන් නම් මේ යැයි” ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක…බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..
….විකාර ආවේ කොහෙන්ද?….
අප රටේ එතරම් ජනප්‍රිය නොවූ මෙකී පිළිමය අප රටට පැමිණියේ “ෆෙන්ෂුයි” (Fengshui) නම් චීන සම්ප්‍රදායික විශ්වාස මාලාවද සමඟිනි..ඇත්ත වශයෙන්ම කියතොත් ෆෙන්ෂුයි යනු බුදු මඟින් බෙහෙවින්ම බැහැර වූ, ආත්මලෝභී විකාරයකි..එපමණක් නොව එහි ඇතැම් ඇදහිලි ඉතාම හාස්‍ය ජනකය..උදාහරණ ලෙස: වැලි පැකට් පසුම්බියේ දමාගෙන යාම, ගංඟා වලින් ඇහිඳින තිරුවානා ගල් බෙල්ලේ එල්ලා ගැනීම වැනි විසුළු වැඩ තුළින් තමාට යහපත් කාළයක් උදා වේ යැයි විශ්වාස කිරීමකි…
බුද්ධිමත් බෞද්ධයිනි..මඳක් සිතා බලන්න..එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන “බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්” වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්”ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්”(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?…එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන “කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්” ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?
1949 දී චීනයේ මා ඕ සේතුං විසින් සන්නද්ධ කොමියුනිස්ට් විප්ලවය ජය ගැන්වීමෙන් පසුව, චෞ එන් ලායි (Chou- En – Lai) නම් විප්ලවීය නායකයා යටතේ ආ “සංස්කෘතික විප්ලවය” මඟින් මේ ෆෙන්ග් ෂුයි නම් මනෝ විකාරය තහනම් කොට රටින් අතු ගා දමන ලදී…රෝ බිය, මත් බිය, පර සතුරු බිය නිසා උපතේදී ආයු අපේක්ෂාව වසර 49 කට සීමා වී තිබූ චීනය ලෝක තලයේ යෝධයෙකු ව නැඟී සිටියේ මේ විහිළු වලින් එරට නිදහස් වීමෙන් පසුවය..”ෆෙන්ග්ෂුයි” ගෙන එන වාසනාවේ තරම ඔබට එයින් සිතා ගත හැකිය…දැන් මේ සමයම් වලින් නිදහස් වූ පසුව චීනයට හරි ගොස් ඇති සැටි පසුගිය ඔලිම්පික් (2008) සමාරම්භක උළෙලෙන්ම ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි…
අවාසනාවක මහත! මේ මළ විකාර ඒවා උපන් රටවලින් අතු ගෑවී යද්දී, ඒවා උපන් රටවල් පවා මේවායින් බැහැරව දියුණුවේ හිනි පෙත්ත කරා යද්දී, පිට සක්වළ ජීවින් පවා සරණ ගිය මහා විද්‍යාවක් උපතින් උරුම කර ගත් අප, ඒ කුණු කසළ කෑමට සැදී, පැහැදී සිටින්නෙමු…
….මේවා ගෙනාවේ කවුද?….
උපන් චීනයේ ජනතාව පවා බැහැර කළ මේ මිසදිටුව ලක්දිව ව්‍යාප්ත කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළේ, සෙල්ල කතරගම පැත්තේ අළුතින් ඉදිකළ “දේවාලයක්” ගජරාමෙට කාසි උණන “පිටකොටුව” බඳු බහු විධ ජාවාරම් පොළක් බවට පත් කර ගත්, විකිණෙන්නේ නැති ජෝතිෂ්‍ය පත්තරයක කළමණාකාරීත්වය විසිනි..(ඉහත දේවාලයට ඔබ ගොස් ඇත්නම් මා කියන දෙයම ඔබටත් වැටහී ඇතැයි සිතමි..)…මේ දේවාලයට ඔබ එක් වරක් හෝ ගොස් තිබෙනවාද?..මේ දේවාලය වනාහි බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි බුදු පියාණෝ කොටස් 64කට බෙදා ප්‍රතික්ෂේප කළ අන්ත “ශාස්වථවාදී” විශ්වාස අතර ඇති, “ක්‍රිෂ්ණා, හනුමාන්” ඇදහීම අපේ බෞද්ධයන්ට හුරු කර, ඒවායේ ඇති මිසදිටු අයිතමයන් විකුණා ගැනීමට සකසන ලද ජාවාරම් පොළකි….(ජාතියේ පිනට උපන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට 2007 වසරේදී මාරක අපළයක් ඇති බවට, කුහක දේශාපලන කොන්තරාත්තුවක් ගෙන, ඵල කළේ මේ කෑදර පුවත්පතමය..)
කිරට හඬන අසරණ බිළින්දන් සිටින රටක සිංහළ බෞද්ධයෝ බුරුතු පිටින්, උන් මඟ හැර ගොස්, මේ දේවාලය මැද්දේ තොටිල්ලක “ක්‍රිෂ්ණ බබා” ලෙස නම් කොට තබා ඇති ප්ලාස්ටික් බෝනික්කෙකුට රට කිරි පිටි පැකට්, ළදරු සුවඳ විළවුන්, සබන්, ආහාර පාන යහමින් පූජා කරනු මේ දේවාලය පුරා සැළකිල්ලෙන් ඇවිදින ඕනෑම අයෙකුට දැක බලා ගත හැක…මුලදී අළුතින් සෑදු නිවෙස් වල හට්ටි, මුට්ටි එල්ලා තබා ගන්නා ලෙස කියන විහිළුවකින් පටන් ගත් මොවුන් නිසා, අළුතින් සෑදූ නිවෙස් හිමියන්ට උදා වූ වාසනාවක් ගැන මා නම් අසා නැත…ඒ කෙසේ වෙතත්, උළුවහුවක එල්ලූ මෙවැනි මුට්ටියක සිර වූ අසරණ මීයෙකු නම් මිය පරළොව ගොස් සිටි අයුරු මගේ ඥාතියෙකුගේ නිවසකදී දුටුවෙමි…
එක කාළයක් ශ්‍රී ලංකාවේ හන්දියක්, හන්දියක්, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාළු පිටි, මඩ ගොහොරු ගානේ “විෂ්ණු-ලක්ෂ්මී” පූජා පැවැත්වූයේද මොවුහුය..”ලක්ෂ්මිට” බැරි නම්, “රාමා” ට බැරි නම්, “සීතා” ට බැරි නම්, ඔවුන්ගේ සේවකයා වන “හනුමන්තා” යැයි සිතා ගහක් උඩ ඉන්නා හැලි වඳුරෙකුට හෝ වඳින්නට ඕනෑ එකෙකුට වැඳ ගත්තාට අපට කමක් නැත…නමුත් දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිථ්‍යා ව්‍යාපාරයේ ඉතාම “බිහිසුණුම” අදියරයි..මේවා ඉවසා වැදෑරුවහොත්, තව ටික දවසකින් මුන් ඔය “බුදායි” (Budai) පිළිමය ඔවුන්ගේ දේවාලයේ ඇති එකම බුදු පිළිමය වෙනුවට තබා “ඒ ඉන්නේ බුදු හාමුදුරුවෝ” යැයි ඔබේ දූ පුතුන්ට කියනු ඇත…කාට, කාටත් තරු පන්ති පිටින් පේන්න ගන්නේ එවිටය..
කරුණාකර මේ ගැන දැනුවත් වන ලෙස මම බුදුන් වඳින දෑත් ඔසවා ඔබ සැමගෙන් ඉල්ලමි..
නො එසේ නම් අනාගත පරපුර “බුදු හාමුදුරුවෝ” යැයි කියනු ඇත්තේ මෙහි පෙනෙන වාමනාකාර රූපයටය..මේ රූපය දෙවියෙකුගේ හෝ වේවා, කාගේ හෝ වේවා, එය වරදවා ගැනීමෙන් විනාශ වන්නේ බෞද්ධ ශ්‍රද්ධාවයි…”බෞද්ධ ශ්‍රද්ධාව” යනු “ප්‍රඥාවේ” පීතෘත්වයයි…එය වැඩි දියුණු වන්නේ හෝ රඳා පවතින්නේ හෝ “බුද්ධ තේජස” ගැන අප දරුවන්ට උගන්වන දෙය අනුවය…”බුද්ධ තේජස” රැඳෙන බුද්ධ ප්‍රතිරූපය විනාශ වන්නේ නම්, එයින්ම ශ්‍රද්ධාවද සමඟ සමස්ථ බුද්ධ ශාසනයම කඩා වැටෙනු ඇත…මිසදිටුවන් බුදු රුවට ඔය තරම් නිගා කරන්නේත් එය දන්නා නිසාමය…දරුවන්ගේ නාමයෙන් දැනුවත් වන්න…
(ඔය ෆෙන් ෂුයි විකාර වලට අපහාස කිරීම නිසා ශාපයක් වදී යැයි හෝ, නපුරක් වේ යැයි හෝ කාට හෝ අනියත බියක් ඇත්නම්, ඒ වෙන නරකක් හෝ වදින ශාපයක් මේ ලිපිය ලියූ මට වදීවායි පතා ඒ බිය දුරු කර ගන්න…බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි…)
“පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”
 
…මෙන්න අපේ බුදු හාමුදුරුවෝ…
_________________________________
…ෆෙන්ග් ෂුයි මිථ්‍යාව ප්‍රචලිත කරන “බුදායි” පිළිමය…
(Written by D.K. at Cardiff of Wales, United Kingdom.එක්සත් රාජධානියේ, වේල්සයේ කාඩිෆ් හි සිට ලියන ලදී…)       
                                                                                                                          
(පිටපත් කර බෙදා හරින්න) Devamını oku...

ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික


2011 නොවැම්බර් මස 20 12:34:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව ඓතිහාසික සාක්ෂි රීක්ෂණය කිරීමේදී අනාවරණ්‍ය වේ. ”රත්නදීප”, ”සෙරන්ඩිබ්” ආදී විවිධ නම්වලින් ද හැඳින්වූ අපේ රටේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසට අයත් මෑතකදී සොයා ගන්නා ලද බ‍්‍රහ්මී සෙල් ලිපියක, ”මණිකර” (මැණික් කපන්නා) වැනි වචන ද, මහාවංශය හා චූලවංශය වැනි සිංහල වංශකතාවල මැණික් පරිහරණයේදී ”රුවන්”, ”මිණි” ආදි වචන බහුලව යොදාගෙන තිබීමෙන් හා අතීතයේ සිටම වටිනා වස්තු අතර මැණික්වලට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවූ බව මනාව පැහැදිලි වෙයි.
එසේම මැණික් ඔබ්බවූ ”මිණි පළඟක්” වෙනුවෙන් චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇතිවූ අරගලයක් පිළිබඳව ද ඓතිහාසික තොරතුරු අපේ ඉතිහාස කතාවල සඳහන්ය. ශ්‍රී ලංකාව ”මැණික් නිම්නය” නමින් ද සින්බෑඞ් නැවියාගේ කතන්දරවල හඳුන්වා ඇත. තවද ”මාර්කෝපෝලෝ”, ”ඉබන්බටුටා”, ”පාහියන්” වැනි විදේශ සංචාරකයන්ගේ වාර්තාවල මැණික් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් සඳහන්වේ. සොලමන් රජු, ෂීබා රැජිණගේ සිත දිනා ගැනීම සඳහා ලංකා මැණික් ගෙන ඒම පිණිස පණිවුඩකරුවන් අපේ රටට එවූ බවද ඉතිහාසයේ සඳහන්වේ. සමස්තයක් ලෙස සළකනවිට මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටම ශ්‍රී ලංකාව මැණික්වලට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව මෙම කරුණු කාරණා අනුව පෙනී යයි.
ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ. එම මාණික්‍ය දෙකෙන් විශාලම මාණික්‍ය මෙය වන අතර මෙහි බර ක‍්‍රාත් 392.92කි. ”ස්ටාර් ඔෆ් ලංකා” යන නාමයෙන් හඳුන්වන නිල් ආරනූල් මාණික්‍ය ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප‍්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවැත්වූ ”ෆැස්ට්ස්” ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී දළදා පෙරහර සමයේ ක්වීන්ස් හෝටලයේ පැවැති ප‍්‍රදර්ශනයේදී සාර්ක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගාලූමුවදොර හෝටලයේදී පැවැත්වූ ප‍්‍රදර්ශනයේදී සහ පසුගිය නොවැම්බර් 01 වැනිදා රත්නපුරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 40 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති ප‍්‍රදර්ශනයේදී මෙම මැණික දෙස් විදෙස් කාගේත් ආකර්ශනයට ලක්විය.
ලෝකයේ විශාලම නිල් ආරනූල් මාණික්‍ය සතුවන්නේ ඉන්දියාවටය. නමුත් ලෝකයේ මැණික් සඳහා පරසිදු බ‍්‍රසීලය, අපි‍්‍රකානු රටවල් වන ටැන්සානියා, මොසැම්බික් හා මැඩගස්කර් වැනි රටවලින් නිල් මාණික්‍ය හමුවුව ද ඒවා සඳහා වඩාත් ප‍්‍රචලිත රටවන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් අතට මෙවැනි විශාල මැණික් හමුවන්නේ අපේ රටේ පමණි. සාමාන්‍යයෙන් නිල් ආරනූල් යන මැණික් විශේෂය ගත්කල නිල් පැහැය හොඳින් තිබුණ ද එහි මතුපිට ඇති නූල්හය හොඳින් නොපිහිටන්නට පුළුවන. නැතහොත් නූල් හය හොඳින් පිහිටිය හොත් ගලේ නිල් පැහැය හොඳින් නොපිහිටන්නට පුළුවන.
එහෙත් මෙම විශේෂිත ”ස්ටාර් ඔෆ් ලංකා” නිල් ආරනූල් මාණික්‍යයේ එම විශේෂිත ලක්ෂණ දෙකම ඉතා හොඳින් පිහිටීම නිසා මෙම මාණික්‍යයට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවමත් වටිනාකමක් තක්සේරු කර නැත.
දැනට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සංචිතයේ තැන්පත් කර ඇති මෙම දුර්ලභ මාණික්‍ය සේම ”රේ ඔෆ් ටෙ‍්‍රෂර්” නමින් හඳුන්වන ක‍්‍රාත් 103.05 බරැති කණක වෛරෝඩිය ද මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වී ඇත. එය නාවලපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ තවත් දුර්ලභ ඝනයේ වෛරෝඩි විශේෂයකි.
Devamını oku...